ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දේශීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන්නැයි මන්ත්‍රීවරයන්ගෙන් කථානායකතුමාට ඉල්ලීමක්

දිනය : 2022-09-23

දේශීය චිත්‍රපට කර්මාන්තය මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳව සහ එහි ව්‍යාපාර මූලධර්මයන්ද යළි ස්ථාපනය කිරීම, ප්‍රමුඛතා ලේඛනයක් සැකසිම, ප්‍රේක්ෂක ආකර්ෂණය 1971 – 1979 කාලය තුළ මෙන් යළි ස්ථාපිත කිරීම ආදී කරුණු සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලීමේ ලිපියක් අද (23) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී.

සාම්ප්‍රදායික චිත්‍රපටකරණය වෙනුවට ඩිජිටල්කරණය ලබා ඇති ප්‍රගතිය අනුව දේශිය චිත්‍රපට නිෂ්පාදනය සහ පසු නිෂ්පාදනය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් ගණනාවකගේ අත්සනින් යුතුව භාරදී ඇති මෙම ලිපියේ සඳහන් වේ.

පාසැල් අධ්‍යාපනය නිමකරන සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් හා දක්ෂතාවයක් දක්වන තරුණ පරපුරට පූර්ණ කාලීන රාජ්‍ය අනුග්‍රහය ඇති සිනමා පාසලක් බිහිකිරීම රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බවද ලිපියේ තවදුරටත් දැක්වේ.

වෙනත් වෘත්තිකයන් බිහි කිරිම සඳහා විශ්ව විද්‍යාල ඇතත් සිනමාව සහ ටෙලිවිෂන් මාධ්‍ය පූර්ණ කාලීනව හැදෑරීම සඳහා මෙරට විශ්ව විද්‍යාලයක් නොමැති වීමේ අඩුපාඩුව ලිපියේ අවධාරණය කෙරේ.
 
ජාත්‍යන්තරව චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරීම සිනමා ශාලාවට අමතරව වෙනත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ NETFLIX,PRIME VIDEO,ඇතුළු අනෙකුත් OTT PLATFORMS වල ප්‍රදර්ශනය සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන්, එම සමාගම් සමග පූර්ව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව ද කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි  විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ලිපිය මගින් කථානායකතුමාගෙන් ඉල්ලා තිබේ.

 

local-cinema-request

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි