ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා - කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

දිනය : 2022-09-22

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ  විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවමත් කැබිනට් මණ්ඩලය දැනුවත් කොට නොමැති බවත්  මේ පිළිබඳ සියලු තොරතුරු ලැබුණු පසු ඉක්මනින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු අවශ්‍ය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බවත් කථානායකවරයා නිවේදනය කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි