ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාව තුළ කාන්තා සනීපාරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය

දිනය : 2022-09-20

  • මහජන ගැටලුවලට පිළිතුරු සජීවීව පාර්ලිමේන්තු ට්විටර් (Twitter) අවකාශය ඔස්සේ

 

“ශ්‍රී ලංකාව තුළ කාන්තා සනීපාරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය” පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කවිරත්න මහත්මිය සහභාගී වන සජීවී ට්විටර් සාකච්ඡාව හෙට (21) පෙරවරු 11.30 සිට 12.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වේ.

මෙරට කාන්තා සනීපාරාක්ෂාව තහවුරු කිරිම සම්බන්ධයෙන් අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ යොමු කළ හැකි අතර එදින සජීවීව සම්බන්ධ වෙමින්ද ගැටලු යොමු කිරිමේ හැකියාව තිබේ.

මහජන කේන්ද්‍රීය පාර්ලිමේන්තුවක් උදෙසා මහජන නියෝජිතයන් සහ මහජනතාව සජීවීව සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම සජීවී ට්විටර් සාකච්ඡා මාලාව සංවිධානය කරනු ලබයි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි