ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

දිනය : 2022-09-16

කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද අද සිට බලාත්මක වේ.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

 

act

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි