මෙතෙක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ |
දිනය : | 2022-09-14 |
කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත මෙතෙක් පැවති පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද වේත්‍රධාරීවරයා විසින් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය අද (14) හිමිවී තිබේ.
මේ අනුව එහි මූලික පියවරක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවලදී පාසැල් ශිෂ්‍යයන් ඇතුළු පාර්ලිමේන්තුව නැරඹීමට ඉල්ලීම් සිදුකරන පාර්ශවයන්ට ඒ සදහා අවසර ලබා දීමට එකඟත්වය පළවී තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයට සහ ගැලරිවලට ඇතුළුවීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක කර ඇති සීමාවන් ලිහිල් කිරීම සහ 2022 සැප්තැම්බර් 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා (නිවාඩු දින හැර) අවසර ලබා දීම සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවේදනය කර සිටී.
පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකිය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකි බවද වේත්‍රධාරීවරයා දන්වා සිටී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






