ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කෙරේ |
දිනය : | 2022-09-14 |
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නැමැති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව එළඹෙන සැප්තැම්බර් 20 වැනි දිනට අදාළ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට මේ වන විට ඇතුළත් කොට තිබේ.
ඒ අනුව, මෙම කාරක සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමි වන අතර සෙසු සාමාජිකත්වය අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශවයේ නායකවරයා, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා, සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවට යෝජනා කෙරේ.
ඒ අනුව,
- කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මග පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට,
- ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ
- අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට ජාතික සභාවට අධිකාර බලය සහ පොදු වගකීම් ලබා දීමට මෙමගින් යෝජනා කොට තිබේ.
ජාතික සභාවට යෝජනා කොට ඇති බලතල අනුව ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, බැංකු කටයුතු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමේ හැකියාවද ලැබේ.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අදාළ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය පරිශීලනය කිරීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.
www.parliament.lk/si/business-of-parliament/addendums
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






