ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දිවයිනට පැමිණෙයි

දිනය : 2022-09-12

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා ඊයේ (11) දිවයිනට පැමිණියේය. ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද අරාධනාවකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාගේ මෙරට සංචාරය සංවිධානය කොට තිබිණි. ඒ අනුව ඊයේ දිවයිනට පැමිණි මාර්ටින් චොන්ගොන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගන්නා  ලදී.

මෙම නිල සංචාරය තුළදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම මාර්ටින් චොන්ගොන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා සභානායක ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටද නියමිත බව මහලේකම්වරයා පැවසීය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි