ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

දිනය : 2022-09-09

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ.

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මත විය.

 

act

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි