ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරී නායිකාවන් සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂ වැඩසටහනක් |
දිනය : | 2022-09-09 |
දැනට ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සදහා ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ දැනුවත්බව වැඩි දියුණු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සංවිධානය කරන මෙම වැඩසටහන සදහා පැෆරල් සංවිධානය ද සම්බන්ධීකරණ දායකත්වය ලබා දී ඇත.
මේ අනුව නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කොට ඇත.
මේ අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන් පිරිසක් සදහා ලබන 15 වැනිදා ද කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් වෙනුවෙන් ලබන 16 වැනිදා ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






