ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්

දිනය : 2022-09-09

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පාර්ලිමේන්තුවේ  විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් අද (09) පාර්ලිමේන්තුවේ  විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව වූ අතර මෙහිදී අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම කළ යෝජනාවකට අනුව මෙලෙස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවත්වනු ලැබීය.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ප්‍රකාශයක් සිදුකරමින් බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව විපක්ෂයේ සංවේගය පළ කළේය.

 

queen

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි