ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමතිය

දිනය : 2022-09-08

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකත්වය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා සඳහා එම සභාවේ අනුමතිය හිමිවී තිබේ. ඒ අනුව කේ. ඒච්. ජෙසී මුඑලර් මහත්මිය සහ කේ. දුනුසිංහ මහතාගේ නාමයෝජනා සඳහා මෙසේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

එයට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සාමාජික ධුරය සඳහා පත්කිරීට ඒ.එම්. නහියා මහතාගේ  නාමයෝජනාව ගරු ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීමටද පාර්ලිමේන්තු සභාව විසින් තීරණය කරන ලද බවද මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගනු ලැබිණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන සහ අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්ව සිටියහ.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි