ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ දැන් ඊ-ග්‍රන්ථයක් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

දිනය : 2022-09-07

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ ඊ-ග්‍රන්ථයක් ලෙස පාර්ලිමේන්තු නිල වේබ් අඩවියේ උඩුගත කොට තිබේ.

www.parliament.lk/si/secretariat/academic-journal සබැඳිය ඔස්සේ පිවිසීමේන් පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය පළමු වෙළුම සහ දෙවැනි වෙළුම පරිශීලනය කිරීමේ අවස්ථාව තිබේ.

 

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන් සහ පර්යේෂකයන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ද ශාස්ත්‍රීය පර්යේෂණ සිදු කිරීම වර්තමානයේදී සමාජ, ආර්ථික, දේශපාලන මෙන් ම සංවර්ධනය පිණිසද බලපාන සාධනීය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ඒ මඟින් උත්පාදිත නව දැනුම, නව එළැඹුම් සහ නව මානයන් ඇසුරෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයේ ස්ථාවරභාවය සහ සුරක්ෂිතභාවය ස්ථාපිත කිරීම මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වඩවඩාත් මහජන කේන්ද්‍රීය ආයතනයක් බවට පත් කිරීම උදෙසා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම ශාස්ත්‍රීය සංග්‍රහය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි.

 

sara-sanhitha-book

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි