ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා (08) විවාදයට ගැනීමේ තීරණයක්

දිනය : 2022-09-06

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය විය. මේ සඳහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගන්නා ලදී.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සදහා වන  වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනකදී පැවැත්වෙනු ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි