ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

යාපනය හින්දු විදුහලේ සිසුන් සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්

දිනය : 2022-09-02

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහනක් යාපනය හින්දු විදුහල සිසුන් සඳහා පසුගියදා මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

මෙම වැඩසටහනේදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජි. තට්චනරාණි මෙනවිය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ දේශනය සිදු කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව පිළිබඳ දේශනය ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු පුස්තකාලයාධිපති සියාඩ් අහමඩ් මහතා විසිනි. මහජන සේවා නිලධාරී යස්රි මොහමඩ් මහතා  විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි