පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (06) සිට සිකුරාදා (09) දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි |
දිනය : | 2022-09-01 |
• 6 සහ 7 දෙදින “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සදහා වෙන් කෙරේ...
• 2022 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන 8 වැනිදා...
පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත ය. කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව ලබන 6, 7 සහ 8 තෙදින පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වේ.
ලබන 6 වැනිදා පෙ.ව. 10.30 සිට පෙ.ව. 10.45 දක්වා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත. ඉන් අනතුරුව පෙ.ව. 10.45 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටද මෙහිදී තීරණය වී ඇත.
එසේම ලබන 7 වැනිදා “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත් පෙ.ව. 10.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ලබන 8 වැනිදා පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
මේ අතර ලබන 9 වැනිදා වෙන්ව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ඒ සඳහා කාලය වෙන්කොට ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










