ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාව පිළිබඳ කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

දිනය : 2022-08-30

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29) ඉදිරිපත් කරනු ලැබීය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

මෙහිදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද රජයේ යෝජනාව සාකච්ඡාවට ලක් විය.

මෙහිදි පක්ෂ නායකයන් විවිධ අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තුවේ පක්ෂවල පොදු එකඟතාවයකින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මග පෙන්වීම මෙහි අරමුණ විය යුතු බව පක්ෂ නායකයෝ ප්‍රකාශ කළහ.

ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ රජය කෙටුම්පත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් කඩිනමින් ලිඛිතව ලබාගැනීමටද මෙහිදී තීරණය විය. එම අදහස් සමග වැඩි දියුණු කළ නව කෙටුම්පතක් සකසා, එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (2022.09.02) යළි රැස්වන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමටද තීරණය කෙරිණි.

ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් සහ දැනට ඇති ස්ථාවර කාරක සභා 12 ට තවත් 3ක් එකතු කිරීම සම්බන්ධයෙන් රජයේ යෝජනාවද මෙහිදී පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කෙරිණි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය,  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊ.පී.ඩී.පී., ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ  එක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් 2022.08.12 දින ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවති අතර ඊටද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයෝ සහභාගි වූහ.

 

pm-dg

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි