“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මන්ත්‍රීවරයන් සඳහා සංවිධානය කර ඇති සංවාදමය කථිකාව අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කරයි |
දිනය : | 2022-08-29 |
“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් 2022 අගෝස්තු 30 අඟහරුවාදා ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවාදමය කථිකාව, නොවැළැක්විය හැකි හේතුවක් මත එදින නොපැවැත්වෙන බවත් එම වැඩසටහන 2022 අගෝස්තු 31 බදාදා ප.ව. 2.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (29) නිවේදනය කළේය.
පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවීමට නියමිතය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






