ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහබැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවට සහභාගී වන ලෙස වැඩබලන මහලේකම්තුමියගෙන් සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දීමක්

දිනය : 2022-08-25

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන සංවාදමය කථිකාව සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දී තිබේ.

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද, මෙම  සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30 වැනි අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගි වීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සංවාදමය කථිකාව සංවිධානය කොට ඇති බවද වැඩබලන මහලේකම්තුමිය තවදුරටත් දන්වා තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි