පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාර්යමණ්ඩලය සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේද පිළිබඳ විශේෂ වැඩසටහනක් |
දිනය : | 2022-08-22 |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ වැඩසටහනක් පසුගියදා (18) පැවැත්විණි.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ඇති පර්යේෂණ නිලධාරින් හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරිහු මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා මහතා විසින් මුඛ්‍ය දේශනය සිදු කරන ලදී.
මාර්ගගත තාක්ෂණය ඔස්සේ (ඔන්ලයින්) පැවති මෙම වැඩසටහන මඟින් පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, කාරක සභා සහ එහි ක්‍රියාකාරිත්වය, ආදි සුවිශේෂි ක්ෂේත්‍ර රැසක් පිළිබඳව පුළුල් අවබෝධයක් සහභාගිවූවන්ට ලබා දුන් අතර, කෙටි වීඩියෝපට ප්‍රදර්ශනයක්ද සිදු කෙරිණි.
වැඩසටහනට සහභාගි වූ සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විවෘත සංවාදයකට ද අවකාශ හිමිවිය.
පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනක් සිය කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වීමට කිසියම් ආයතනයක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් කැමැත්තක් දක්වන්නේ නම් www.parliament.lk/si/get-involved/edu-centre වෙත පිවිස තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කිරීමෙන් හෝ 0112777100 දුරකතන අංකය මගින් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය ඇමතීමෙන් එය සිදු කර ගැනීමේ හැකියාව තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












