පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව. 9.30 ට ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ |
දිනය : | 2022-08-12 |
- පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ අගෝස්තු 29 වැනිදා - විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතයි
- 2021 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දින වෙන් කෙරේ...
පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව. 9.30 ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමාකොට ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පසුගිය 10 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා යළි රැස්වීමටත්, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පෙ.ව. 9.30 සිට 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.
එසේම පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය වී ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









