ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ

දිනය : 2022-08-10

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛනය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද (10) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, ගරු විදුර වික්‍රමනායක මහතා, ගරු නලින් ප්‍රනාන්දු මහතා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ගරු විජිත හේරත් මහතා, ගරු දුමින්ද දිසානායක මහතා, ගරු ශෙහාන් සේමසිංහ මහතා, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ගරු සිරිපාල ගමලත් මහතා, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ගරු මුජිබුර් රහුමාන් මහතා, ගරු හර්ෂණ රාජකරුණා මහතා, ගරු චමින්ද වි‍ජේසිරි මහතා, ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා, ගරු අනුප පස්කුවල් මහතා සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පත් කොට තිබේ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි