පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ |
දිනය : | 2022-08-10 |
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ අද (10) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.
ඒ අනුව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, ගරු ඩග්ලස් දේවානන්දා මහතා, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා, ගරු කංචන විජේසේකර මහතා, ගරු චමල් රාජපක්ෂ මහතා, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ගරු ගයන්ත කරුණාතිලක මහතා, ගරු අනුර දිසානායක මහතා, ගරු රවුෆ් හකීම් මහතා, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, ගරු ගාමිණී ලොකුගේ මහතා, ගරු සී. බී. රත්නායක මහතා, ගරු රිසාඩ් බදියුදීන් මහතා, ගරු විමල් වීරවංශ මහතා, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ගරු මනෝ ගනේෂන් මහතා, ගරු දයාසිරි ජයසේකර මහතා, ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා, ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ගරු සාගර කාරියවසම් මහතා යන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






