ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදමය කතිකාවක් ගරු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

දිනය : 2022-08-10

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදමය කතිකාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසර මූල්‍ය කේන්ද්‍රයේ (Sustainable Finance Hub of the UNDP) අධ්‍යක්ෂ මාකෝස් නෙටෝ  (Marcos Neto) මහතා මෙහි ආරාධිත දේශනය ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් සහ දැනුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග  බෙදාහදා ගැනීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් (UNDP) කළ ඉල්ලීමකට අනුව මෙම සංවාදය සංවිධානය කෙරිණි.

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද  ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි