ජනාධිපතිවරයා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 |
දිනය : | 2022-08-03 |
• 2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවට...
• 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා පාර්ලිමේන්තුවට...
ජනාධිපතිවරයා අද (03) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවල පැවැත්වීමට අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී තෙදින විවාදයක් ලබා දෙන ලෙස ඇතැම් පක්ෂ නායකයන් විසින් සිදු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා ප.ව 1.00 ට රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා විවාදය පැවැත්වේ. එසේම ලබන 10 සහ 12 යන දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේම මෙම විවාදය සභාව කල්තැබීමේ විවාදයක් බැවින් විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වේ.
මේ අතර 2022 වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත (අයවැය) සදහා ඉදිරිපත් කෙරෙන සංශෝධන පනත් කෙටුම්පත ලබන 9 වැනිදා ද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 10 වැනිදා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග අහෝසි වූ කාරක සභා නව සභාවාරයේ නැවත කඩිනමින් පත්කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත. මේ අනුව පළමුව තේරීම් කාරක සභාව (Committee of Selection) ලබන 9 වැනිදා පත් කර ගැනීමටත් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු අනෙකුත් අහෝසි වූ කාරක සභා කඩිනමින් පත්කරගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








