නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වන්නැයි මහලේකම්වරයාගෙන් සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දීමක් |
දිනය : | 2022-07-29 |
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු මස 03 වැනිදා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බැවින් එම අවස්ථාවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරිමට අදාළ පහත සඳහන් ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැනටමත් උඩුගත කොට ඇති බවද මහලේකම්වරයා දන්වා සිටී.
ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කරමින් ගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඇතුළත් 2022.07.28 දිනැති අංක 2290/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සහ එදිනට අදාළ විස්තර සටහන මෙසේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළින් පරිශීලනය කළ හැකි බව මහලේකම්වරයා දන්වා සිටී.
[2022.07.28 දිනැති අංක 2290/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය]
[2022.08.03 දින න්‍යාය පත්‍රය]
[නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සහ උත්සවය පිළිබඳ විස්තර සටහන]
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






