ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අගෝස්තු 03 වැනිදා

දිනය : 2022-07-29

•    දෙවැනි සභාවාරය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ලබන අගෝස්තු 03 වැනිදා පෙ.ව. 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි  පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද  ප්‍රශ්න සහ  යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව,  උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.

විශේෂයෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වා පැවති අතර මෙම කාලසීමාව තුළ පාර්ලිමේන්තුව දින 48 ක් රැස් වී තිබේ.

 

 පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම පිළිබඳව

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි