ගරු තිස්ස විතාරණ මහතා හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා ඡන්දය භාවිතා කොට නොමැති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සනාථ කරයි |
දිනය : | 2022-07-28 |
පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී විවාද කොට සම්මත කර ගන්නා ලද මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා ඡන්දය භාවිත කොට නොමැති බවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ලිපියක් මගින් සනාථ කර සිටියි.
මේ අනුව, ඊයේ (27) දිනයේ ඡන්ද විමසීමට අදාළ පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ වාර්තාවලට අනුව හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා ඡන්දය භාවිතා කොට නොමැත.
මෙම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විසින් හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කළ බවට ඇතැම් මාධ්‍යවල පළ වීම නිසා මන්ත්‍රිවරයා විසින් මහලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලිපිය යොමු කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






