ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරු පත් කෙරේ |
දිනය : | 2022-07-28 |
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.
ඒ අනුව නීතීඥ ගරු සාගර කාරියවසම් සහ ගරු ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මධුර විතානගේ, ගරු තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරයන් සහකාර සංවිධායකවරු ලෙසද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුද එක්වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











