ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි

දිනය : 2022-07-27

මෙරට 32 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ගරු දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට අද (27) පාර්ලිමේන්තුවට පැමිණියේය.

නව සභානායක අමාත්‍ය (ආචාර්ය) ගරු සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග,  ගරු යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සභානායක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම්, ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගනු ලැබූහ.

අනතුරුව අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති විශේෂ ද්වාරයෙන් පාර්ලිමේන්තුවේ පිහිටා ඇති අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයට පැමිණි අතර එහිදී ගරු වාසුදේව නානායක්කාර, ගරු බන්දුල ගුණවර්ධන, ගරු නිමල් ලන්සා, ගරු සිසිර ජයකොඩි, ගරු වෛද්‍ය ගයාශාන් නවනන්ද යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් සුබ පැතුම් එක් කිරීමට පැමිණ සිටියහ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර, සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

2 4

5 9

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි