පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ |
දිනය : | 2022-07-27 |
• ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගරු ප්‍රසන්න රණතුංග මහතා යළි පත් කෙරේ
පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කොට තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස ගරු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා නැවතත් පත් කොට තිබේ.
මෙම පත්වීම්වලට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) පෙරවරුවේදී පිරිනමනු ලැබිණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 18 වැනි සභානායකවරයා වන (ආචාර්ය) ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකි. 1984දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඒ මහතා මුල් වරට දේශපාලනයට පිවිසෙන්නේ 1991දී කෝට්ටේ මහ නගර සභාවට තේරී පත්වීමෙනි. 1993දී බස්නාහිර පළාත් සභාවට තේරී පත්වන ප්‍රේමජයන්ත මහතා 1995දී ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත්විය.
2000 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන අතර මීට පෙර තාක්ෂණ සහ පර්යේෂණ, පරිසර සහ පුනර්ජණනීය බලශක්ති, ඛනිජතෙල් කර්මාන්ත, විදුලිබල සහ බලශක්ති යන අමාත්‍යධුර හොබවා තිබේ. ඒ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක්ද කටයුතු කළේය.
ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබූ ගරු ප්‍රසන්න රණතුංග මහතා මින් පෙරද එම ධුරය හෙබවීය. වත්මන් ආණ්ඩුවේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර සංචාරක හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. ඔහු ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර මීට පෙර බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








