ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2022-07-27

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මෙලෙස ගරු වජිර අබේවර්ධන මහතා පත් විය.

ඒ මහතා 1994 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්වී තිබේ. එතැන් පටන් 2010 වර්ෂය දක්වා අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. අනතුරුව 2015 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් විය.

එසේම ඒ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන්ද රාජ්‍ය පරිපාලන, කළමනාකරන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කොට ඇත. තවද ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද වර්තමානයේ කටයුතු කරයි.  

වජිර අබේවර්ධන මහතා 1961.09.02 දින උපත ලබා ඇති අතර ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. එසේම ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරියෙකි.

 

1 2

34

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි