ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දෙයි

දිනය : 2022-07-21

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා මන්ත්‍රිධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මෙරට ජනාධිපතිවරයා  ලෙස ධුරය භාර ගන්නා ලද බැවින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම 2022 වසරේ ජූලි 21 වැනි දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන බව ගරු රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බවද මහලේකම්වරයා සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව 1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම දැනුම් දීම සිදුකර ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි