ගරු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දෙයි |
දිනය : | 2022-07-21 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි විධායක ජනපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මෙම අවස්ථාවට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මැතිඇමතිවරු පිරිසක් ද ජනාධිපති ආර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටියහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවැති ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දය ඊයේ (20) පැවැති අතර එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ලබාගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් විය.