ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සාර්ථක කර ගැනීමට සියලු පක්ෂවල සහය අපේක්ෂා කරනවා - කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටී

දිනය : 2022-07-19

•    පාර්ලිමේන්තුව ලබන  27 වැනි බදාදා රැස්වීමටත් තීරණය කෙරේ

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා  හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවසීය.

අද (19) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මෙම ක්‍රියාවලිය මේවන තෙක් අදාළ නෛතික රාමුව තුළ සාර්ථකව පැවැත්වීමට සියලු පාර්ශවයන් දැක්වූ සහය අගය කරන බව ද කථානායකවරයා පැවසීය.

හෙට දින පැවැත්වෙන රහස් ඡන්ද විමසීමෙහි තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටියේ ඡන්ද විමසීමට පෙර 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අනුව අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන් ගරු මන්ත්‍රීවරයන්ට දන්වා සිටින බවයි.   

මේ අතර පාර්ලිමේන්තුව යළි ලබන 27 වැනිදා රැස්වීමට ද අද පැවති පාර්ලිමේන්තු‍ කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය එදින අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය විය.  

  

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි