ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහකොමසාරිස්වරු සහ තානාපතිවරු කිහිපදෙනෙක් කථානායකතුමා හමුවෙති

දිනය : 2022-07-19

මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් ඊයේ (18) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.  

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කළේය.

මෙහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූත පිරිස සිය ප්‍රශංසාව පළ කළහ.

 

1

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි