ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

19 සහ 20 පාර්ලිමේන්තුවේ මොනවද සිදු වෙන්නේ? හරියටම දැනගමු!

දිනය : 2022-07-18

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳව මීට පෙර එක් අත්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවා. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වුනේ ඒකමතිකව එනම් ඡන්ද විමසීමක් නොමැතිවයි. නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනවා. ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇති.

ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ  1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතෙයි. මේ අනුව මෙහි දක්වා ඇති සියලු කටයුතු  පියවරෙන් පියවර එම පනතේ දක්වා තියෙනවා.

 

පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ක්‍රියා පටිපාටිය

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි