අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව කථානායකවරයාගේ නිල නිවේදනය |
දිනය : | 2022-07-15 |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 ( ආ ) වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 2022 ජුලි මස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යානුකූලව ඉල්ලා අස්වී ඇත. ඒ අනුව මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත.
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පක්ෂ නායක රැස්වීමේදී මා විසින් සියලු පක්ෂ නායකයින් දැනුවත් කල ආකාරයට, 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි. දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප රටේ මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල හා විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයටද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත.
එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම අප රටේ ගෞරවණීය හා ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්හට නිදහසේ තම හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම් සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙසයි. එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහයෝගය ඇතිව දින හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙමි. ඒ අනුව මේ මස 16 වන සෙනසුරාදා දින ( 2022.07.16 ) පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙසත් මෙයින් දැනුම් දෙමි.
මේ සඳහා ඔබ සියලු දෙනා දක්වන සහයෝගයට ස්තූතිවන්ත වෙමි.
මහින්ද යාපා අබේවර්ධන
කථානායක
වීඩියෝ සබැඳිය: https://youtu.be/WdxvDBKawFc
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








