ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අගමැතිවරයා වහා ඉල්ලා අස් විය යුතුයි - පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරේ

දිනය : 2022-07-13

රටේ පවතින වත්මන් අර්බුධකාරී වාතාවරණය සමනය කිරීම සඳහා විසඳුම ලෙස අගමැතිවරයා හැකි ඉක්මනින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (13) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ රැස්වීමේදී සාකච්ඡා විය.

මේ වන විට උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ ගරු කථානායකතුමා විසින්  විස්තර කරන ලදී. රටේ පවත්නා වාතාරණය පිළිබඳව පක්ෂ නායකයන් විසින් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව මනත්‍රීවරයන් දැනුවත් කරන ලදී.

මෙහිදී ගරු කථානායකතුමා සඳහන් කළේ තමා විසින් රටට නිවේදනය කළ පරිදි අද (13) රාත්‍රී 12ට පෙර ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමට සලස්වන බවට ගරු ජනාධිපතිතුමා විසින් දුරකථන මාර්ගයෙන් තමාවෙත දැනුම් දුන් බවයි.

මෙම රැස්වීමට මහජන අරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මෛත්‍රීපාල සිරිසේන, ගරු ලක්ෂමන් කිරිඇල්ල, ගරු අනුර කුමාර දිසානායක, ගරු මනෝ ගනේෂන්, ගරු වාසුදේව නානායක්කාර, ගරු වීරසුමන වීරසිංහ, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු ගයන්ත කරුණාතිලක, ගරු රන්ජිත් මද්දුමබණ්ඩාර, ගරු අංගජන් රාමනාදන්, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු රවුෆ් හකීම්, ගරු වී. රාධක්‍රිෂණන්, ගරු උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ගරු එම්.ඒ. සුමන්තිරන්, ගරු ඒ.එල්.එම්. අතාවුල්ලා, ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ යන මහත්වරු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි