ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගැනීම

දිනය : 2022-07-11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ කාර්ය පටිපාටිය 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපතිවරයාගේ ධුරය හිස් වූ අවස්ථාවකදී මෙම පනතේ විධිවිධාන අදාළ වේ.

එවැනි පුරප්පාඩුවක් සිදු වී මාසයක් ඇතුළත ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතුය. මෙහිදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලබන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීන් එකකට වැඩි ගණනකගේ නම් යෝජනා වී ඇත්නම් තෝරා පත්කර ගැනීම රහස් ඡන්දයෙන් විය යුත්තේය. අවසාන වශයෙන්, ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ අපේක්ෂකයාගේ නම දින තුනක් ඇතුළත දී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමට සලස්වන්නේ ය.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ දක්වා ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි