ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තරුණ නියෝජනය වැඩි කිරීමට මැතිවරණ නීති සංශෝධන යෝජනා ඇතුළත් පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට

දිනය : 2022-07-06

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාල නීති සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් පොද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිටියාස් බාකිර් මාකර් මහතා විසින් පොෟද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ 1946 අංක 53 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත මෙසේ ඉදිරිපත් කොට තිබේ.

මේ අනුව, ඉහත ආයතන නියෝජනය කිරීම සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ ප්‍රජාවට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවය මෙම සංශෝධන යෝජනා මගින් ඉදිරිපත් කෙරේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයකදී නම් සෑම දේශපාලන පක්ෂයක්ම සහ ස්වාධීන කණ්ඩායමක් විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී, එම දිස්ත්‍රික්කයේ නියමිත ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවකට නොඅඩු සංඛ්‍යාවක් තරුණයන් විය යුතු  අතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් හතරෙන් පංගුවක් තරුණ අපේක්ෂකයන්ගෙන් සමන්විත වියයුතු බවට යොජනා කොට තිබේ.

එමෙන්ම පළාත් සභා  මැතිවරණයකදී නම් සෑම දේශපාලන පක්ෂයක්ම සහ ස්වාධීන කණ්ඩායමක් විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී, එම දිස්ත්‍රික්කයේ නියමිත ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවකට නොඅඩු සංඛ්‍යාවක් තරුණයන් විය යුතු අතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් හතරෙන් පංගුවක් තරුණ අපේක්ෂකයන්ගෙන් සමන්විත වියයුතු බවට යොජනා කොට තිබේ.

පළාත් පාලන මැතිවරණයකදී නම් සෑම දේශපාලන පක්ෂයක්ම සහ ස්වාධීන කණ්ඩායමක් විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී,එම පළාත් පාලන ආයතනය ට නියමිත ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවකට නොඅඩු සංඛ්‍යාවක් තරුණයන් විය යුතු  අතර එම පළාත් පාලන ආයතන ලැයිස්තුවෙන් හතරෙන් පංගුවක් තරුණ අපේක්ෂකයන්ගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කොට තිබේ.

 

pvt-bill

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි