ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඕමාන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

දිනය : 2022-07-05

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා (Juma Hamdan Hassan AlMalik Alshehhi) ඊයේ (04) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
 
ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා ආදිය සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපතිවරයා මෙහිදී පැවසීය. එසේම ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
 
වසර 08ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා  ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳවද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
 
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

 

2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි