අත්‍යාවශ්‍ය මහජන සේවාවන්ට අදාළ ජනාධිපතිවරයාගේ නියමය ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතියට |
දිනය : | 2022-07-04 |
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 6 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ.
ඊයේ (03) දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමය නිකුත් කර ඇත.
මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල් වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






