පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි |
දිනය : | 2022-06-30 |
- “රටේ වත්මන් තත්ත්වය” පිළිබදව විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය ලබන 6 වැනිදා...
පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වීමට නියමිත ය.
අද පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
ලබන 4 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් ඇසීම සඳහාය.
ජූලි 5 වැනිදා පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270/59 සහ 2280/32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග, රේගු ආඥා පනත යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය විවාදය කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත ය.
තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282/21 සහ 2282/22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.
මේ අතර ජූලි 6 වැනිදා පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව “රටේ වත්මන් තත්ත්වය” පිළිබදව විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය ප.ව. 4.30 දක්වා පැවත්වීමට ද මෙහිදී තීරණය විය.
එසේම පවතින දුෂ්කරතා හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී කාරක සභා රැස්වීම් මාර්ගගත තාක්ෂණය ඔස්සේ (Online) පැවැත්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









