කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3කට කථානායකවරයාගේ සහතිකය |
දිනය : | 2022-06-24 |
පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සදහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (23) සටහන් කළේය.
කම්කරු ආරවුල් විසදීමේදී මහේස්ත්‍රාත් අධිකරණවල පවතින තදබදය අවම කිරීම සදහා කම්කරු විනිශ්චය අධිකාරිවල සභාපතිවරයන් අතිරේක මහේස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම හා ඒ හා සබැදි කරුණු සඳහා විධිවිධාන සැලසීම කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කෙරේ.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර නඩුවක එක් එක් පාර්ශවයකට නඩු තීන්දුවේ හෝ නඩු වාර්තාවේ අවසාන ආඥාවේ එක් සහතික පිටපතක් ගාස්තු අය කිරීමෙන් තොරව ලබා දීම සිදුවේ.
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනතට 154(අ) නව වගන්තිය ඇතුළත් කරනු ලබන අතර යම් නීති කෘත්‍යයන්හීදී ඇතැම් ලේඛන විධිමත් ඔප්පු කිරීමෙන් නිදහස් කිරීම සිදුවේ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 17 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), 2022 අංක 18 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 19 දරන කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් ලෙස ඊයේ (23) සිට බලාත්මක වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







