ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2022-06-22

Print

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා මහතා  මෙලෙස පත්විය.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (21) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප විය.

1967 දෙසැම්බර් 28 වැනි දින කළුතර කටුකුරුන්දේදී උපත ලබා ඇති ඒ මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. එසේම  ධමිමික පෙරේරා මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියෙක්ද  (NDT) වේ.

 

1 2

3