පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) පමණක් රැස්වෙයි |
දිනය : | 2022-06-21 |
- විපක්ෂය විසින් හෙට ගෙන ඒමට නියමිතව තිබූ සභාව කල්තැබීමේ යෝජනාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට...
පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21) සහ හෙට (22) පමණක් රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.
පාර්ලිමේන්තුව ජූනි 21 සිට 24 දක්වා රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුවද පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් හෙට (22) දිනයේ විපක්ෂය විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමටත් මෙහිදී තීරණය වී ඇත.
හෙට දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ලබන ජූලි 4 වන සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා ද එදින පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










