ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝප්’ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 23 වැනිදා

දිනය : 2022-06-16

  • පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ…
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 21 වැනිදා …
  • රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වැනිදා…

 

පසුගිය මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා පළමු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය  ලබන 23 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වන අතර ලබන 24 වැනිදා හැර සභාව රැස්වන සෑම දිනකම පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

ලබන 21 වැනිදා පෙ.ව. 10.00 ට පාර්ලි‍මේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

අනතුරුව පෙ.ව. 11.30 සිට පෙ.ව. 4.30 දක්වා කාර්මික ආරවුල් කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට  නියමිතය.

ලබන 22 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

තවද පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා දෙවැනි දිනයටත් ඉදිරිපත් කිරීම සදහා ලබන 24 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා  කාලය වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

 

3

1

4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි