හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව සඳහා අද දිනය වෙන් කෙරේ |
දිනය : | 2022-06-10 |
පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අද (10) පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන්ව තිබිණි.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් බොහෝ පිරිසක් සභාව අමතමින් සිය ශෝකය පළ කළහ.
1964 දෙසැම්බර් 23 වැනි දින අලුත්ගම ප්‍රදේශයේ දී ජන්ම ලාභය ලැබු අමරකීර්ති අතුකෝරළ මහතා අලුත්ගම මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව උසස් පෙළ සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වු එතුමා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන ඇත.
භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු ලිපිකරුවකු වශයෙන් සතොස ආයතනයට සම්බන්ධ වූ එතුමාට එහි කළමනාකරුවෙකු දක්වාම උසස්වීම් ලබා ගැනීමට හැකි විය. සතොස ආයතනයේ අවුරුදු 23ක් සේවය කිරීමෙන් අනතුරුව ඉන් සමුගන්නා අතුකෝරළ මහතා එවකට ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ව සිටි චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ විය.
අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන එතුමා 2008 වසරේ මනාප 13,000 ක් ලබා ගනිමින් උතුරුමැද පළාත් සභාවට තේරී පත්විය. ඉන් අනතුරුව 2012 පළාත් සභා මැතිවරණයේ දී දෙවැනි වරටත් පළාත් සභාවට තේරී පත්වීමට අතුකෝරළ මහතා සමත් වූයේය.
සම්බුද්ධ ශාසනයෙහි සංවර්ධනයටත්, ප්‍රාදේශීය වශයෙන් විවිධ යටිතල පහසුකම් සංවර්ධනයටත් කෘෂිකාර්මික සහ සංවර්ධන යෝජනාවන් ක්‍රියාත්මක කිරීමත්, අඩු ආදායම්ලාභීන්, රණවිරුවන්, ආබාධිත පුද්ගලයන් සඳහා ආධාර උපකාර ලබා දීම මෙතුමා සිදුකර ඇති සුවිශේෂ සමාජ සත්කාර අතර කැපී පෙනෙන බව ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
2020 මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන එතුමා මිය යන විට 58 වැනි වියෙහි පසුවිය.
2000 වසරේ මාලනී සිල්වා මහත්මිය සමග විවාහ දිවියට එළඹි අතුකෝරළ මහතා එක්දරු පියෙකි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






