පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාරදෙයි |
දිනය : | 2022-06-09 |
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට අද (09) බාර දුන්නේය.
ඒ මහතා 2021 වසරේ ජූලි මස 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. අනතුරුව ඔහු මාස කිහිපයක් මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








