ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි |
දිනය : | 2022-05-27 |
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, අද (27) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූවා ය.
දේශපාලන ස්ථාවරත්වය ඇති කොට වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි ඇය අපේක්ෂා කරන බව මෙහිදී පැවසුවාය. එසේම ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදුකොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවද තානාපතිවරිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකා - ඇමරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවද ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදුකරන කාර්ය භාරය ඇගයීමට ලක් කළ ඇය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කළාය.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකානු එක්සත් ජනපදය නිරතුරුව ලබා දෙන ශක්තිය පිළිබඳව ද මෙහිදී කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
මෙරට ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්වීමෙන් අනතුරුව ජුලී චන්ග් මහත්මිය සහ කථානායකවරයා අතර හමුවක් පැවත්වූ පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









